Tuesday, 24 May 2016

පොල් ගැසුවේ රට - ජනතාව විනාශ වේවා කියා නොවේ

ජල ගැලීම් සිදුවුණේ ඒකාබද්ධ විපක්‍ෂය පොල් ගැසූ නිසා යැයි අගමැතිතුමා කීවත් පොල් ගැසුවේ දේශද්‍රෝහී, ජනතා ද්‍රෝහී ආණ්ඩුව විනාශ වෙනවා කියා මිස රටත්, ජනතාවත් විනාශ වේවා කියා නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය

 ගම්මන්පිල මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (23දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

අගමැතිතුමා පිළිගන්නවා පොල් වැඩ කරලා කියලා. ඒ කියන්නේ එතුමගේ ආණ්ඩුව දේශද්‍රෝහී ජනතා දෝහී ආණ්ඩුවක් කියලා එතුමාම පිළිගන්නවා. ඒ අතරේ තරුණ කුලුඳුල් මන්ත්‍රි කෙනෙක් ඇවිත් ජල ගැලීමට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා කියලා කියලා. 

ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සැලැසුම් කර තිබුණු උමං ඇළවල් දෙක හාරලා කැලණි ගඟේ සිට ජලය මුහුදට පොම්ප කරන පොම්පාගාරය හදලා තිබුණා නම් මේ විනාශය සෑහෙන්න අඩු කරගන්න තිබුණා. ආණ්ඩුවේ ලොක්කනි, ව්‍යසනයට හේතුව අපි පස්සේ හොයමු. අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කරන එක නතර කරලා පක්‍ෂ භේද පැත්තක තියලා ජනතාව බේරා ගන්න අත්වැල් බැඳගමු.

ලංකාවේ ජනතාව අවතැන් වුණාම සමස්ත ජාතියම එක හඩින් පාරට බැස්සා. මේ සත්කාර්යයට නායකත්වය දෙන මහා සංඝරත්නයට රණවිරුවන්ට මාධ්‍යයන්ට වගේම ආණ්ඩුවේ නිලධාරීන්ටත් අපේ ප්‍රණාමය. අපි ජල ගැලීම් වුණු දවසේ සිටම සහන සේවා කටයුතුවලට එකතු වුණා. නමුත් කිසිම වැඩකට මාධ්‍යයට කතා කළේ නෑ.

 ජනතාවගේ කඳුළුවලින් දේශපාලන වාසි ගන්න අපිට ඕනෑ වුණේ නෑ. අපට ඕනෑ වුණේ හදවතින්ම ජනතාවට උදවු කරන්න. වතුරේ කකුල් දෙක ඔබාගෙන ඒක මාධ්‍යවල පෙන්වන නළු සමාජ සේවකයන් එතැනින් නතර වෙන්නේ නැතුව කෝ මේ ගම්මන්පිලලා කියමින් අපට මඩ ගැහුවා. 

ඒ නිසා පාක්‍ෂිකයන්ගේ බලකිරීම් නිසා පසුගිය දින කිහිපයේ "සුව සහන සත්කාර" අපේ සහන සේවා අවස්ථාවන් ෆේස්බුක් එකට එකතු කළා. අපේ හදවත උණු වී සිටින ජනතාවට පණිවුඩයක් දෙන්න ඕන. දැන් අසරණ වුණු අයට වඩාත් වැදගත් වෙන්නේ ඇඳුම්. 

විශේෂයෙන්ම යට ඇඳුම්, තුවා, ඇඳ ඇතිරිලි. ඒ වගේම පැනඩෝල්, සිද්ධාලේප වැනි බෙහෙත්. පාසල් දරුවන්ට පොත්, පෑන්, සපත්තු, සෙරෙප්පු ඒ වගේම නිල ඇඳුම් මසා ගන්න සුදු රෙදි. ඒ දේවල්වලින් මේ වෙලාවෙ ජනතාවට සහන සලසයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.


No comments:

Post a Comment