දින 31ක් සහිත මාසවල දී ද දින 30කට පමණක් වැටුප් ගෙවීම, මාසික වැටුප වැඩි නොකිරීම යන කාරණා මත අද (31) සිට ඉදිරි මාසවල 31 වැනි දා සේවයෙන් ඉවත්වන බවත්, එදින දුම්රිය මාර්ගවල යම් අනතුරක් සිදු වුවහොත් ඇමැති
නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි වගකීම භාරගත යුතු බවත් ශ්රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු මුරකරු සංගමයේ ප්රධාන ලේකම් නිමල් චන්ද්රසිරි මහතා පැවසුවේය. මනම්පිටිය දුම්රිය ගේට්ටු මුරපොළ අසල දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක දී ප්රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය.
ප්රවාහන ඇමැතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමැතිවරයාගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687ක සේවයේ නිරතව සිටින කම්කරුවන් 2061 දෙනකු දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත් තමන්ගේ ඉල්ලීම් ක්රියාත්මක කරන තුරු 31 වැනිදායින් ගවෛන සෑම මසකම 31 වැනි දා සේවයෙන් ඉවත්වන බවත් නිමල් චන්ද්රසිරි මහතා කිවේය.
2013
ජූලි 06 වැනි දා ඉඳලා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු 687ක 2061ක සේවක පිරිසක් වැඩ කරන්නේ රුපියල් 7500ක සුළු දීමනාවකටයි. අපේ දිනක වැටුප රුපියල් 250යි. හැබැයි 31 වැනිදායින් ගවෛන මාසවල දී අපිට දීමනාව ලැබෙන්නේ දින 30කට විතරයි. මේ ලැබෙන වැටුපෙන් පවුලක් නඩත්තු කරන්න බැහැ. ඒ නිසා අපි මීට පෙර වැටුප් වැඩි කරන්න කියලා වැඩවර්ජනය කළා.
අපි ජනතාවට කියන්නෙ 31 වැනිදාට මේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවලින් ගමන් කරලා යම් ජීවිත හා දේපළ අනතුරක් වුණොත් ඒකේ වගකීම වහාම නිමල් සිරිපාල මහත්තයා භාරගත යුතුමයි. ඒ වගේම අපි ළඟම දිනක දී දුම්රිය ගේට්ටු මුරකරුවොයි, ඒ පවුල්වල දූ දරුවෝ වගේම ඥාතීන් එකතු වෙලා ප්රධාන දුම්රිය මාර්ගයක් අවහිර කරලා අපිට විසඳුමක් දෙනතුරු විරෝධය පළ කරනවා. අපිට මොන තර්ජන බාධක ආවත් මේ වැඩවර්ජන සටන අවසන් කරන්නේ අපේ ඉල්ලීම් ලැබුණොත් විතරයි. යැයි නිමල් චන්ද්රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment