පශ්චාත්
සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුවට අත්සන් තබා ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ
සංගමයම එය ක්‍රියාත්මක කිරීමට යාමේදී වැඩ වර්ජන කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත
සේනාරත්න මහතා පැවැසීය.
වැඩ
වර්ජනය අත්හිටුවීමට නම් ඒ සඳහා සාකච්ඡාවකට පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට අද උදෑසන
7.59 දක්වා කල් දෙන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ (30) කළ ප්‍රකාශය සම්බන්ධයෙන්
අප කළ විමසීමේදී හෙතම මේ බව සඳහන් කළේය.
මෙම
වැඩ වර්ජනය සම්බන්ධව සැලවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගෙන් මේ සම්බන්ධව
විමසා සිටි බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඒ අනුව අදාළ තත්ත්වය සම්බන්ධයෙන්
ජනාධිපතිවරයාට පැහැදිලි කළ බව ඇමැතිවරයා පැවැසීය.
එදා
එස්.එම්.එස් එකක් කියවගන්න බැරි ඇමැති කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෞඛ්‍ය
ඇමැති කාලේ අපහාස කරපු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එතුමාට ඖෂධ පනත ගෙන එන්න බැහැ
කියලත් කිව්වා. එදා රාජපක්ෂලාට ඕන විධියට වැඩ කරපු මේ සංගමය දැන් කියන්නෙ වෙන කතාවක්
යැයි ඇමැතිවරයා කීවේය.
පත්වීම්
ලැයිස්තුවලට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කල් තබාම අත්සන් තැබූ බවත් ඒ නිසා හෙද ඇතුළු
අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්රවල වෘත්තීය සංගම්ද පත්වීම් ලැයිස්තුවලට අත්සන් තැබිමට බලය
ඉල්ලා සිටීමට ඉඩ ඇති බවත් හෙතම පැවැසීය.
සමස්ත
ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, යාපනය වෛද්‍ය සංගමය ඇතුළු
සංගම් හා වෛද්‍යවරුන් රැසක් පුද්ගලිකවත් මෙම පත්කිරීම් ප්‍රමාද නොකරන ලෙස ඉල්ලා ඇති
බව හෙතම කියා සිටියේය. ඉන් හැඟවෙන්නේ ඔවුන් මෙම වර්ජනය සමග නැති බව යැයි හෙතම කීවේය.
මෙහිදී
වෛද්‍ය නවින් ද සොයිසා අත්අඩංගුවට ගැනීමට කළුතර රෝහලට ඇමැතිවරයා පොලිස් කණ්ඩායමක්
යොමු කළ බවට ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය
සම්බන්ධයෙන්ද අප විමසීමක් කළේය.
No comments:
Post a Comment