ඇයි
මාව රට යවන්නෙ එයාට පුළුවන්නෙ මාව මෙහෙ තියාගන්න’
- පියුමි හංසමාලි
පියුමි,
ළඟදිම දවසක රට අතහැරලා යන්න යනවලූ?
හිටිගමන්
යන්නවත්, අද හෙටම යන්නවත් හිතාගෙන මම ඒ කතාව කිව්වෙ නෑ. තව කෙටි කාලයක් ලංකාවෙ ඉඳලා
විදෙස් රටක පදිංචියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඒත්
ඒ විදෙස්ගත වීම පිටුපස දේශපාලන හස්තයක් තියෙනවලූ. ඔබගෙ විදෙස් ගමනට ප්‍රබල දේශපාලකයකුගෙ
උදව් ලැබෙනවා කියන කතාව ඇත්තද?
මට
මොනම විදිහකවත් දේශපාලකයන්ගෙ හිතවත්කම් නෑ. මම ඒ වගේ හිතවත්කම් ගොඩනගාගන්න කැමැති නෑ.
මට දේශපාලකයකුගෙ උදව් තියෙනවා නම්, මගේ දරුවා රෝයල් එකට දාගන්නවනෙ. මගේ දරුවා පෞද්ගලික
පාසලකට යන්නෙ. ඒ මට සල්ලි තියෙනවට නෙවෙයි. හොඳ රජයේ පාසලකට දාගන්න ගියාම, මගෙන් අහන්නෙ
පියුමි ඔයාට දේශපාලන හිතවත්කම් නැද්ද කියලා. අද
දේශපාලන හිතවත්කමක් තිබුණා නම් මගේ දරුවත් රෝයල් එකට හරි නමගිය පාසලකට හරි යනවනෙ.
ඇරත් මං අදටත් ඉන්නෙ පොඩි ගෙදරක. ඒ වගේ සම්බන්ධයක් තිබුණා නම් මමත් කොළඹ හතෙන් හොඳ
එපාර්ට්මන්ට් එකක් ගන්නවනෙ. ඇරත් ඒ වගේ සම්බන්ධයක් තියෙනවා නම් ඇයි මාව රට යවන්නෙ?
ඒ දේශපාලකයට මාව ලංකාවෙ තියාගෙනම බලාගන්න පුළුවන්නෙ.
පියුමිට
Facebook හරහාත් දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරනවා නේද?
ඔව්.
මං ගැන හරිම උනන්දුයි. අපේ අම්මා ඔරලෝසුවෙ වෙලාව තියලා තියෙන්නෙ පැය භාගයක් කලින්.
ඒ උදේට කලින් වැඩ ඉවර කරගන්න.
මං සිංහල අවුරුද්දට කිරි ඉතිරුවෙ ඒ ඔරලෝසුවෙ වෙලාවට.
ඒ කරලා මං ෆොටෝ දැම්මා ත්‍්ජැඉදදන එකට. මිනිත්තු තුනක් ගියේ නෑ. මට කමෙන්ට්ස් එනවා
‘මේකිට වෙලාවට කිරි ටිකවත් උතුරා ගන්න බෑ’
කියලා. ඒ තරමටම අපේ අය මං ගැන හොයනවා.
තව අපේ මොඞ්ලින් කරන හය දෙනෙක් එකතු වෙලා සහනාධාර
දෙන්න කටයුතු කළා අපිට පුළුවන් විදිහට. අපේ එක්කෙනෙක් ආධාර ඉල්ලලා දැම්මා. ඒකටත් බනිනවා.
ඒ විතරක් නෙවෙයි ආධාර දුන්නටත් බණිනවා, කළාට කමක් නෑ ඕවා කිය කිය කරන්න එපා කියලා. අද උදව් ඉල්ලූවට දෙන්නෙත්
නෑ. කරපු උදව්වල ඇද හොයන්න තමයි ඉන්නෙ. මේක තමයි අද රටේ තත්ත්වය.
ඇත්තටම
පියුමි කටකතාවලට සැලෙනවද?
කොහෙත්ම
නෑ. මම කටකතාවලට බය නෑ. කටකතා හැදෙන්නෙ මිනිස්සු හොයන චරිතයකට. මං දන්නවා පියුමි ගහකට
නැග්ගත් ගොසිප් එකක්. වඬේ එකක් කෑවත් ගොසිප් එකක්. මං හිතන්නෙ හැමෝටම තරුණ විදිහට ලස්සනට
ඉන්න බෑනෙ. ඒත් මං අම්මා කෙනෙක් වෙලත් ලස්සනට ඉන්නවා. ඒක තමයි මේ කතාවලට හේතුව.
ඔබ
හිතන්නෙ ඔබගෙ පෙනුම නිසා කතා හැදෙනවා කියලද?
සත්තකින්ම.
පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. මං අම්මා කෙනෙක් වුණත් ටිකක් පෙනුමට ඉන්නවනෙ. ඒත් අපේ අය
හිතන්නෙ අම්මා කෙනෙක් වුණාම ඇඟවල් ආරලා, වැරහැලි වෙලා ඉන්න ඕනෙ කියලා. මම දරුවගෙ වැඩත් කරගෙන, යාළුවොත් එක්ක
විනෝදෙන් මගේ ජීවිතය ගෙවනවනෙ. ඒක ගොඩක් අයට දරාගන්න බෑ. ඔය කතාවලට මුල ඒකයි.
පියුමි
මේ දවස්වල රංගනය පැත්තට උනන්දුයි කියලා ආරංචියි?
මං
මොඞ්ලින් කෙනෙක්නෙ. ඒ කටයුතු සුපුරුදු විදිහට කෙරුණත් මේ අයහපත් කාලගුණයත් එක්ක හැමදේම
නතර වෙලා. රංගනය පැත්තෙන් වැඩ කටයුතු කෙරෙනවා. අලූතෙන් චිත්‍රපට දෙකකට කතා කරලා තියෙනවා.
ඉන් එකක් අතිදක්ෂ ප්‍රවීණ අධ්යක්ෂවරයකුගෙ. අගෝස්තුවෙ වැඩ පටන් ගන්නවා.
ටෙලි නාට්‍ය
වුණත් හැම චරිතයක්ම මං බාරගන්නෙ නෑ. මට යමක් කළ හැකි චරිත තෝරාගෙන කරපු ටෙලි නාට්‍ය
ඉදිරියේ දී විකාශනයට තියෙනවා. ඒත් ඒ චිත්‍රපටවත් ටෙලි නාට්‍යවත් මොනවද කියලා මං දැන්ම
කියන්නෙ නෑ. ඉදිරියෙ දි ඔයාලටම බලාගන්න පුළුවන්. පියුමි මොකකද ඉන්නෙ කියන කුතුහලයත්
එක්ක ඒ නිර්මාණ එළියට එද්දි මං හිතනවා පොඩි ගතියක් තියේවි.
No comments:
Post a Comment