රට යැමට යෝෂිත කළ ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කරයි
උගන්ඩා ජනාධිපති පදවි ප්රාප්ති සැමරුම් උළෙල නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සතියක කාලයක් විදේශගත වීමට යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහෙස්ත්‍රාත්
ධම්මික හේමපාල මහතා එම ඉල්ලීම මහාධිකරණය වෙත යොමු කර සුදුසු නියෝගයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි දන්වා සිටියේය. විනිසුරුවරයා එම නියෝගය කළේ යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විසින් ඊයේ (06 දා) අධිකරණගත කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
මුදල් විශුද්ධිකරණ පනතට පටහැනිව සී.එස්.එන්. නාලිකාවේ උපයා ගත් මුදල් හා දේපළ පරිහරණය කිරීම ඇතුළු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණය හමුවේ විභාගයට ගනිමින් පවතින නඩු දෙකක වගඋත්තරකරුවන් වන යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු එම ආයතනයේ අධ්යක්ෂවරු හතරදෙනෙක් දැනට කොළඹ මහාධිකරණය මගින් ඇප කොන්දේසි යටතේ මුදා හැර සිටිති. ඔවුන්ට විදෙස්ගත වීම ද තහනම් කර ඇත.
විදෙස්ගත වීමට අවසර ඉල්ලා ගොනුකළ අයෑදුම කැඳවූ අවස්ථාවේ නීතිඥ සන්ධ්‍යා තල්දූව, ප්‍රේමනාත් සී. දොලවත්ත හා ගනේෂ් ධර්මවර්ධන යන මහත්ම මහත්මීන් සමඟÊඅධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා, උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්ති සැමරුම් උත්සවය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇති ආරාධනාවක් අනුව යෝෂිත රාජපක්ෂ මහතාත් එම ගමනට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන නිසා තම සේවාදායක සැකකරුට ලබන මැයි 11 දා සිට සතියක කාලයකට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසය පළමු වන සැකකාර යෝෂිත රාජපක්ෂ ඇතුළු සෙසු සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා හා අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති නිසා මෙම සැකකරුට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටියේය.
විනිසුරු ධම්මික හේමපාල මහතා අදාළ අයෑදුම මහාධිකරණය වෙත යොමුකර සුදුසු නියෝගයක් ලබා ගත හැකි බව අවධාරණය කරමින් ඉල්ලීම නිශ්ප්‍රභ කළේය.
No comments:
Post a Comment