මිතුරියගේ ප්‍රේම සම්බන්ධයට
උදවු කළා යැයි යන සැකය මත මිතුරියගේ පියා කළ දෝෂාරෝපණයෙන් සිත්තැවුලට පත් පහළොස් හැවිරිදි
පාසල් ශිෂ්‍යාවක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. මේ මරණය
සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය
ගල්ගමුව නැඟෙනහිර කෝරලයේ හදිසි මරණ පරීක්ෂක ශාන්ත රණවීර මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස්
ඉකුත් 19 වැනිදා පස්වරුවේදී පැවැත්වීය.මෙහිදී සාක්ෂි දුන් ඊශානි
මනෝද්‍යා මෙසේ කීවාය.
මං විවාහ වෙන්න බලාපොරොත්තුවෙන්
ඉන්න අයගේ නංගි තමයි මියගොස් සිටින්නේ. මාත් මේ නිවෙසට ඇවිත් දැන් මාස හයක් විතර වෙනවා.
අද (19දා) දවල් මමයි මියගොස් සිටින නංගියි එයාගේ නංගියි ටී.වී. බලමින් හිටියා. මං විවාහ
වෙන්න ඉන්න කෙනා උදේ එයාගේ යාළුවකුගේ ගෙදර ගියා. අපි තුන්දෙනා ටී.වී. බලමින් සිටියදී
ප්‍රියන්ත කියන කෙනා ගෙදරට ආවා. ඒ ඇවිත් චාපා නංගිට කතා කළා. එයා නංගිට කිව්වා
"අපේ දුව පිරිමි ළමයෙක් එක්ක යාළුයි. ඒ සම්බන්ධයට උදවු කරන්නේ උඹ. උඹ තමයි කොල්ලට
දෙන්න අපේ කෙල්ල ලියන විදියට ලියුම් ලියන්නේ. උඹ දැන් දෙන්නට කපුකම් කරනවා. මං මේවා
උඹලාගේ ප්‍රින්සිපල්ට කියනවා. පොලිසියටත් කියනවා. උඹේ අම්මටයි තාත්තටයි දෙන්නටත් කියනවා
කියලා බැන්නා.
ඊට පස්සෙ නංගි බයවෙලා හිටියා.
බොහෝම දුකෙන් කල්පනා කර කර ඔහේ බලා ගත් අත බලාගෙන හිටියා. ඔය අතරේ එයාගෙ අයියා ගෙදර
ආවා. නංගි නැඟිටලා කාමරයට ගියා. අපි වෙච්ච සිද්ධිය එයාට කීවා. ඊට පස්සෙ එයා කාමරයට
යද්දි නංගි බෙල්ලෙ වැල දාගෙන ඉන්නවා දැකලා තියෙන්නේ.මියගිය ශිෂ්‍යාවගේ පියා
හා සහෝදරයාද මෙහිදී සාක්ෂි දුන්හ
No comments:
Post a Comment