ඒකාබද්ධ විපක්ෂය යන ශුද්ධ වචනය හොරුන්ට, මංකොල්ලකරුවන්ට භාවිත කිරීම සදහා ඉඩ ලබාදිය නොහැකි බවත්, ඒ වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට තමා මැදිහත්වී ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවා ගන්නා බවත් හිටපු
අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය. අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේබව පැවසීය. එමෙන්ම එදා සියලු දේ සිදු වූයේ රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත බවත්, ඔවුන්ගේ බොහෝ අවශ්‍යතා වෙනුවෙන් තමාට පෙනී සිටීමට සිදු වූ බවත් මර්වින් සිල්වා මහතා කීය. අද සිට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස තමා කටයුතු කරන අතර, ඉදිරියේදී බොහෝ පිරිසක් තමා වටා එක්වනු ඇතිබවද ඒ මහතා කියා සිටියේය. බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලා පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ආණ්ඩුව කරන විට එහිම තවත් පිරිසකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීමට කිසිදු හැකියාවක් නැතැයිද හෙතෙම පැවසීය.
මේ මාධ්‍ය හමුව පිළිබදව අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතා කියා සිටියේ ඒකාබද්ද විපක්ෂයේ ලකුණද සහිතව පවත්වා ඇති මෙම මාධ්‍ය හමුව ආණ්ඩුවේ උවමනාව මත පවත්වන්නට ඇති බවයි.
No comments:
Post a Comment