අරණායක සාමසර කන්ද ඊයේ (17) නායයෑමෙන් අනතුරව එයින් අතුරුදන් වූ පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ සිරුරු පස්වලට යට වී තිබිය දී මේ වන විට සොයාගෙන තිබේ. මෙම නායයෑමෙන් නිවාස 150ක් පමණ විනාශ වී ඇති අතර,
පවුල් 200ක පුද්ගලයින් 800ක් පමණ අවතැන්ව සිටියි. අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙයි. ඊයේ රාත්‍රි පැවති වර්ෂාව සහ එම ස්ථානයට ගමන් කිරීමට පැවති දුෂ්කරතා හේතුවෙන් මුදාගැනීම් මෙහෙයුම් සිදු නොකළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. අද උදෑසන 5.00 සිට යුධ හමුදාව, පොලීසිය හා මුදාගැනීම් කණ්ඩායම් එක්ව ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කළ බවත් කීවේය.
මේ අතර අතුරුදන්වූවන් හෝ විපතට පත්වූවන් පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර නායයාමට ලක්වූ ප්‍රදේශයේ නිවාස වල වාසය කළ 300ක පමණ පිරිසක්ද ආරක්ෂිත ස්ථාන වල රැදී සිටින බවට තොරතුරු පළ වන බවයි රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය. කෙසේවෙතත් නිශ්චිතව සංගණනයක් සිදුකොට නාය ගිය ප්‍රදේශයේ විපතට පත්වූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය කරගන්නා ලෙස අදාළ පොලීසි වෙත නියෝග කළ බව රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
No comments:
Post a Comment