මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මුදා හරිනු ලැබීය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙස නියෝග කළාය. සෑම මසකම අවසන් ඉරු දින උදේ නවයත් 12ත් අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනකු සහ ගෘහ නිර්මාණ ශිල්පියකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු දැන් ඇප පිට සිටිති.
No comments:
Post a Comment