Saturday, 14 May 2016

ඒකාබද්ද විපක්‍ෂයේ අයට ජනපති අවසන් දැනුම්දීම කරයි

ඒකාබද්ධ විපක්ෂය සමග අවසන්වරට තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීම සදහා ජනාධිපතිවරයා තීරණය කොට ඇත. දැනට බරපතළ බෙදීමකට ලක්ව තිබෙන ශ්‍රී.ලනි.පය එක් පක්ෂයක් ලෙස ඉදිරියටත් කටයුතු කිරිම සදහා සූදානම්ද යන්න
විමසීමට මෙම සාකච්ඡාව කැදවන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් මත සිදුකෙරෙන මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්නේද නැත්ද යන්න මෙතෙක් තීරණය කර නැත. කෙසේ වෙතත් ඉදිරි පළාත් පාලන ඡන්දය ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය එක්ව තරග කළ යුතුය යන යෝජනාව මෙම සාකච්ඡාවේදී සලකා බැලෙන ප්‍රධාන යෝජනාව වනු ඇතැයි සදහන්ය.
එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට සාකච්ඡාව සදහා ඇරැයුම් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂ මේ සාකච්ඡාව සදහා සහභාගිවීම අවිනිශ්චිත බවද කියවේ.
ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද මේ වනවිට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇත. හිටපු ජනාධිපතිවරයාගේ උගන්ඩා සංචාරයෙන් පසු මේ ගැන තීන්දුවක් ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ.
මෙම අවසන් ප්‍රයන්තය අසාර්ථක වුවහොත් ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් ගැන දැඩි විනය පියවර ගනු ඇතැයිද වාර්තාවෙයි.

No comments:

Post a Comment