බිලියන ගණනින් මුදල් සැඟවූ ලෝක නායකයන්ගේ සහ ධනවතුන්ගේ නම් ඇතුළත් පැනමා ලේඛනවල රාජපක්ෂලාගේ නම් නෑ නේදැ”යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් විමසා සිටියේය. ඊයේ
(10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව පැනමා ලේඛනවලින් හෙළිවූ නම් පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා එසේ විමසා සිටියේය.
ඊයේ (10) නාමල් රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිසම වෙතත්, යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතත්, කැඳවීම ගැන අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එය වෛරය හා ක්‍රෝධය මත පදනම් වූ දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් කරන්නක් බවයි.
තම ආණ්ඩුවේ එදා සිටි අමාත්‍යවරුන්, තමන්ට කිසිදු වගකීමක් නොතිබූ අයුරින් වත්මන් ආණ්ඩුවට වී හරි ෂෝක් එකට කතා කරමින් ඉන්නවා යැයි ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment