Saturday, 21 May 2016

ගංවතුරෙන් විපතට පත් වු ජනතාව හට ආධාර

පසුගිය දිනවල ඇදහැලුණු දරුණු වැස්ස නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස් සදහා ආධාර උපකාර කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත්ව තිබේ. ඒ අතරින් කළා කරුවන්, මැති ඇමතිවරු විවිධ ප්‍රදේශවලින් හා රාජ්‍ය ආයතනවලින් ලැබුණු

 ආධාර රැගෙන අසරණ ජනතාව හමුවීමට පැමිණ සිටියා. ඔවුන් අධාර බෙදා දෙන අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.


මේ අතර දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කැළණි ගගේ ජල මට්ටම ද මේ වන විට තරමක් අඩුවී ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් දිනවල පැවති අධික වර්ෂාවට හේතු වූ රෝනු සුළි කුණාටුව මේ වන විට බංග්ලාදේශය දෙසට ඇදී යමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේවන විට ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.







No comments:

Post a Comment