සිගරැට්
පානය කිරීමෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් හැට දෙනකු පමණ මියයන අතර සිගරැට් අලෙවියෙන් ලැබෙන
ලාභයෙන් සියයට අනූදෙකක්‌ම බ්‍රිතාන්‍ය ඇමරිකානු සමාගමකට බැර වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය
තොරතුරු මධ්‍යස්‌ථානයේ
ජ්‍යෙෂ්ඨ
ව්‍යාපෘති නිලධාරී පේෂාණි රිස්‌නා විතානගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අදට (31වැනිදා) යෙදී තිබෙන ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් මෙය නිකුත් කර ඇත.
ලංකා දුම්කොළ සමාගම නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගම, දිනකට ශ්‍රී
ලාංකිකයන් 60 දෙනකු මරාදමන අතර එලෙස ලබාගන්නා ලාභයෙන් වැඩි ප්‍රමාණයක්‌ම යවන්නේ
92% ක කොටස් අයිතියක් ඇති බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමටයි.
දිනකදී අහිමිවන
පාරිභෝගිකයන් වෙනුවෙන් අලුතින් දරුවන් හා තරුණ තරුණියන් 70-80 ත් අතර ප්‍රමාණයක් සිගරැට්
භාවිතයට හසුකර ගැනීමට දුම්කොළ සමාගම් විවිධ උපක්‍රම සිදු කරයි.
2006
අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට, අනුව, දුම්කොළ සමාගම්වලට
තම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට, පුවත්පත් දැන්වීම්
යොදා ගැනීමට හෝ ඉලෙක්‌ට්‍රොනික් මාධ්‍ය යොදා ගැනීම තහනම් වේ.
දුම්කොළ සමාගමට සිදුකළ
හැකි, ප්‍රධානතම සෘජු ප්‍රචාරණ ක්‍රමවේදය වන්නේ සිගරැට් ඇසුරුමයි. එබැවින්, ඔවුන්
දරුවන් හා තරුණ තරුණයන් වඩා කැමැති හා වැඩි ආකර්ෂණයක් ඇති පැහැයක් හා අකුරු ඔවුන්ගේ
සිගරැට් ඇසුරුම් සඳහා යොදාගනු ලැබේ.
එබැවින්, සිගරට් කොතරම් ගඳ ගසන, ලිංගික අප්‍රාණිකත්වය
ඇතිවන, මූණ කැත කරන භාණ්‌ඩයක් වුවත් ඇසුරුමෙහි ඇති අලංකරණය හේතුවෙන් සහ මාධ්‍ය මගින්
ආකර්ෂණීය ලෙස පෙන්වන දේවල් නිසා සිගරැට් පිළිබඳ කැමැත්තක් දරුවන් හා තරුණ තරුණියන්
තුළ ඇති කරයි.
එබැවින්,
ලෝක සෞඛ්‍ය සංවිධානය දුම්කොළ පාලන ප්‍රඥප්ති ව්‍යූහයේ FCC එක් ප්‍රධාන පියවරක් ලෙස
ඉදිරිපත් කළේ සත්‍ය තොරතුරු ඇතුළත් රූපමය අවවාද සිගරැට් පැකට්‌ටුවට යෙදීමයි. සිගරැට්
ඇසුරුමට යොදන රූපමය අවවාද මාස 6 න් 6 ට වෙනස් වන අතර 2015 වසරේ ජුනි පළවන දින සිට
80% රූපමය අවවාද අපේ රටේ ක්‍රියාත්මක විණි.
මේ
වනවිට රූපමය සෞඛ්‍ය අවවාදවලට වඩා ප්‍රතිඵලදායක බවින් වැඩි ප්‍රතිමිකරණය කරන ලද සිගරැට්
ඇසුරුම් ඡක්‌සබ ඡ්ජන්ටසබට හඳුන්වාදීම සිදුකරනු ලබයි. ලෝකයේ ප්‍රථමවරට 2012 වසරේදී ඕස්‌ටේ්‍රලියාව
ඡක්‌සබ ඡ්ජන්ටසබට හඳුන්වාදුන් අතර මේ වන විට මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, අයර්ලන්තය වැනි
සංවර්ධිත හා දියුණු රටවල් ඡක්‌සබ ඡ්ජන්ටසබට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රූපමය
සෞඛ්‍ය අවවාද සහිත සිගරැට් ඇසුරුමට වඩා දියුණු අවස්‌ථාවක් වන ඡක්‌සබ ඡ්ජන්ටසබට ඉතා
ඵලදායක ක්‍රමයක් බව පර්යේෂණයන්ගේ ප්‍රතිඵලවලින් තහවුරු වී ඇත. මෙමගින් දුම්කොළ සමාගමේ
ප්‍රධානතම සෘජු ප්‍රචාරණ උපක්‍රමය වන සිගරට් ඇසුරුම ඔවුන්ගේ පාලන බලයෙන් ගිලිහී යැම
මීට හේතුවයි. එබැවින්, භාවිතා කරන්නාට මෙන්ම භාවිතා නොකරන්නාටද සිගරැට් භාවිතයේ ඇති
ගැටලුව සිගරැට් ඇසුරුම හරහා දැකගත හැකිය.
එය මහජනතාවට හා සිගරට් භාවිතා කරන්නාට නිවැරදි
සෞඛ්‍ය හානිය සමාජගත වීම වැළැක්‌වීමේ අරමුණින් දුම්කොළ සමාගම විසින් සිදු කරනු ලබන
සූක්‍ෂම උපක්‍රමයකි.
No comments:
Post a Comment