Monday, 30 May 2016

පියුමිව රට යවන්න හදන දේශපාලකයා කවුද?

ඇයි මාව රට යවන්නෙ එයාට පුළුවන්නෙ මාව මෙහෙ තියාගන්න - පියුමි හංසමාලි

 පියුමි, ළඟදිම දවසක රට අතහැරලා යන්න යනවලූ?
හිටිගමන් යන්නවත්, අද හෙටම යන්නවත් හිතාගෙන මම ඒ කතාව කිව්වෙ නෑ. තව කෙටි කාලයක් ලංකාවෙ ඉඳලා විදෙස් රටක පදිංචියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඒත් ඒ විදෙස්ගත වීම පිටුපස දේශපාලන හස්තයක් තියෙනවලූ. ඔබගෙ විදෙස් ගමනට ප‍්‍රබල දේශපාලකයකුගෙ උදව් ලැබෙනවා කියන කතාව ඇත්තද?
මට මොනම විදිහකවත් දේශපාලකයන්ගෙ හිතවත්කම් නෑ. මම ඒ වගේ හිතවත්කම් ගොඩනගාගන්න කැමැති නෑ. 

මට දේශපාලකයකුගෙ උදව් තියෙනවා නම්, මගේ දරුවා රෝයල් එකට දාගන්නවනෙ. මගේ දරුවා පෞද්ගලික පාසලකට යන්නෙ. ඒ මට සල්ලි තියෙනවට නෙවෙයි. හොඳ රජයේ පාසලකට දාගන්න ගියාම, මගෙන් අහන්නෙ පියුමි ඔයාට දේශපාලන හිතවත්කම් නැද්ද කියලා. අද  දේශපාලන හිතවත්කමක් තිබුණා නම් මගේ දරුවත් රෝයල් එකට හරි නමගිය පාසලකට හරි යනවනෙ. 

ඇරත් මං අදටත් ඉන්නෙ පොඩි ගෙදරක. ඒ වගේ සම්බන්ධයක් තිබුණා නම් මමත් කොළඹ හතෙන් හොඳ එපාර්ට්මන්ට් එකක් ගන්නවනෙ. ඇරත් ඒ වගේ සම්බන්ධයක් තියෙනවා නම් ඇයි මාව රට යවන්නෙ? ඒ දේශපාලකයට මාව ලංකාවෙ තියාගෙනම බලාගන්න පුළුවන්නෙ.

පියුමිට Facebook හරහාත් දිගින් දිගටම මඩ ප‍්‍රහාර එල්ල කරනවා නේද?
ඔව්. මං ගැන හරිම උනන්දුයි. අපේ අම්මා ඔරලෝසුවෙ වෙලාව තියලා තියෙන්නෙ පැය භාගයක් කලින්. ඒ උදේට කලින් වැඩ ඉවර කරගන්න. 

මං සිංහල අවුරුද්දට කිරි ඉතිරුවෙ ඒ ඔරලෝසුවෙ වෙලාවට. ඒ කරලා මං ෆොටෝ දැම්මා ත්‍්ජැඉදදන එකට. මිනිත්තු තුනක් ගියේ නෑ. මට කමෙන්ට්ස් එනවා ‘මේකිට වෙලාවට කිරි ටිකවත් උතුරා ගන්න බෑ කියලා. ඒ තරමටම අපේ අය මං ගැන හොයනවා. 

තව අපේ මොඞ්ලින් කරන හය දෙනෙක් එකතු වෙලා සහනාධාර දෙන්න කටයුතු කළා අපිට පුළුවන් විදිහට. අපේ එක්කෙනෙක් ආධාර ඉල්ලලා දැම්මා. ඒකටත් බනිනවා. ඒ විතරක් නෙවෙයි ආධාර දුන්නටත් බණිනවා, කළාට කමක් නෑ  ඕවා කිය කිය කරන්න එපා කියලා. අද උදව් ඉල්ලූවට දෙන්නෙත් නෑ. කරපු උදව්වල ඇද හොයන්න තමයි ඉන්නෙ. මේක තමයි අද රටේ තත්ත්වය.

ඇත්තටම පියුමි කටකතාවලට සැලෙනවද?
කොහෙත්ම නෑ. මම කටකතාවලට බය නෑ. කටකතා හැදෙන්නෙ මිනිස්සු හොයන චරිතයකට. මං දන්නවා පියුමි ගහකට නැග්ගත් ගොසිප් එකක්. වඬේ එකක් කෑවත් ගොසිප් එකක්. මං හිතන්නෙ හැමෝටම තරුණ විදිහට ලස්සනට ඉන්න බෑනෙ. ඒත් මං අම්මා කෙනෙක් වෙලත් ලස්සනට ඉන්නවා. ඒක තමයි මේ කතාවලට හේතුව.

ඔබ හිතන්නෙ ඔබගෙ පෙනුම නිසා කතා හැදෙනවා කියලද?
සත්තකින්ම. පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. මං අම්මා කෙනෙක් වුණත් ටිකක් පෙනුමට ඉන්නවනෙ. ඒත් අපේ අය හිතන්නෙ අම්මා කෙනෙක් වුණාම ඇඟවල් ආරලා, වැරහැලි වෙලා ඉන්න  ඕනෙ කියලා. මම දරුවගෙ වැඩත් කරගෙන, යාළුවොත් එක්ක විනෝදෙන් මගේ ජීවිතය ගෙවනවනෙ. ඒක ගොඩක් අයට දරාගන්න බෑ. ඔය කතාවලට මුල ඒකයි.

පියුමි මේ දවස්වල රංගනය පැත්තට උනන්දුයි කියලා ආරංචියි?

මං මොඞ්ලින් කෙනෙක්නෙ. ඒ කටයුතු සුපුරුදු විදිහට කෙරුණත් මේ අයහපත් කාලගුණයත් එක්ක හැමදේම නතර වෙලා. රංගනය පැත්තෙන් වැඩ කටයුතු කෙරෙනවා. අලූතෙන් චිත‍්‍රපට දෙකකට කතා කරලා තියෙනවා. ඉන් එකක් අතිදක්ෂ ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයකුගෙ. අගෝස්තුවෙ වැඩ පටන් ගන්නවා. 

ටෙලි නාට්‍ය වුණත් හැම චරිතයක්ම මං බාරගන්නෙ නෑ. මට යමක් කළ හැකි චරිත තෝරාගෙන කරපු ටෙලි නාට්‍ය ඉදිරියේ දී විකාශනයට තියෙනවා. ඒත් ඒ චිත‍්‍රපටවත් ටෙලි නාට්‍යවත් මොනවද කියලා මං දැන්ම කියන්නෙ නෑ. ඉදිරියෙ දි ඔයාලටම බලාගන්න පුළුවන්. පියුමි මොකකද ඉන්නෙ කියන කුතුහලයත් එක්ක ඒ නිර්මාණ එළියට එද්දි මං හිතනවා පොඩි ගතියක් තියේවි.






සිගරැට්‌ පානයෙන් දිනකට ලාංකිකයන් 60ක්‌ මිය යනවා

සිගරැට්‌ පානය කිරීමෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් හැට දෙනකු පමණ මියයන අතර සිගරැට්‌ අලෙවියෙන් ලැබෙන ලාභයෙන් සියයට අනූදෙකක්‌ම බ්‍රිතාන්‍ය ඇමරිකානු සමාගමකට බැර වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානයේ

ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී පේෂාණි රිස්‌නා විතානගේ මහත්මිය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. අදට (31වැනිදා) යෙදී තිබෙන ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් මෙය නිකුත් කර ඇත. ලංකා දුම්කොළ සමාගම නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගම, දිනකට ශ්‍රී ලාංකිකයන් 60 දෙනකු මරාදමන අතර එලෙස ලබාගන්නා ලාභයෙන් වැඩි ප්‍රමාණයක්‌ම යවන්නේ 92% ක කොටස්‌ අයිතියක්‌ ඇති බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමටයි. 

දිනකදී අහිමිවන පාරිභෝගිකයන් වෙනුවෙන් අලුතින් දරුවන් හා තරුණ තරුණියන් 70-80 ත් අතර ප්‍රමාණයක්‌ සිගරැට්‌ භාවිතයට හසුකර ගැනීමට දුම්කොළ සමාගම් විවිධ උපක්‍රම සිදු කරයි.

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට, අනුව, දුම්කොළ සමාගම්වලට තම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට, පුවත්පත් දැන්වීම් යොදා ගැනීමට හෝ ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍ය යොදා ගැනීම තහනම් වේ. 

දුම්කොළ සමාගමට සිදුකළ හැකි, ප්‍රධානතම සෘජු ප්‍රචාරණ ක්‍රමවේදය වන්නේ සිගරැට්‌ ඇසුරුමයි. එබැවින්, ඔවුන් දරුවන් හා තරුණ තරුණයන් වඩා කැමැති හා වැඩි ආකර්ෂණයක්‌ ඇති පැහැයක්‌ හා අකුරු ඔවුන්ගේ සිගරැට්‌ ඇසුරුම් සඳහා යොදාගනු ලැබේ. 

එබැවින්, සිගරට්‌ කොතරම් ගඳ ගසන, ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන, මූණ කැත කරන භාණ්‌ඩයක්‌ වුවත් ඇසුරුමෙහි ඇති අලංකරණය හේතුවෙන් සහ මාධ්‍ය මගින් ආකර්ෂණීය ලෙස පෙන්වන දේවල් නිසා සිගරැට්‌ පිළිබඳ කැමැත්තක්‌ දරුවන් හා තරුණ තරුණියන් තුළ ඇති කරයි.

එබැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානය දුම්කොළ පාලන ප්‍රඥප්ති ව්‍යූහයේ FCC එක්‌ ප්‍රධාන පියවරක්‌ ලෙස ඉදිරිපත් කළේ සත්‍ය තොරතුරු ඇතුළත් රූපමය අවවාද සිගරැට්‌ පැකට්‌ටුවට යෙදීමයි. සිගරැට්‌ ඇසුරුමට යොදන රූපමය අවවාද මාස 6 න් 6 ට වෙනස්‌ වන අතර 2015 වසරේ ජුනි පළවන දින සිට 80% රූපමය අවවාද අපේ රටේ ක්‍රියාත්මක විණි.

මේ වනවිට රූපමය සෞඛ්‍ය අවවාදවලට වඩා ප්‍රතිඵලදායක බවින් වැඩි ප්‍රතිමිකරණය කරන ලද සිගරැට්‌ ඇසුරුම් ඡක්‌සබ ඡ්ජන්ටසබට හඳුන්වාදීම සිදුකරනු ලබයි. ලෝකයේ ප්‍රථමවරට 2012 වසරේදී ඕස්‌ටේ්‍රලියාව ඡක්‌සබ ඡ්ජන්ටසබට හඳුන්වාදුන් අතර මේ වන විට මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, අයර්ලන්තය වැනි සංවර්ධිත හා දියුණු රටවල් ඡක්‌සබ ඡ්ජන්ටසබට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රූපමය සෞඛ්‍ය අවවාද සහිත සිගරැට්‌ ඇසුරුමට වඩා දියුණු අවස්‌ථාවක්‌ වන ඡක්‌සබ ඡ්ජන්ටසබට ඉතා ඵලදායක ක්‍රමයක්‌ බව පර්යේෂණයන්ගේ ප්‍රතිඵලවලින් තහවුරු වී ඇත. මෙමගින් දුම්කොළ සමාගමේ ප්‍රධානතම සෘජු ප්‍රචාරණ උපක්‍රමය වන සිගරට්‌ ඇසුරුම ඔවුන්ගේ පාලන බලයෙන් ගිලිහී යැම මීට හේතුවයි. එබැවින්, භාවිතා කරන්නාට මෙන්ම භාවිතා නොකරන්නාටද සිගරැට්‌ භාවිතයේ ඇති ගැටලුව සිගරැට්‌ ඇසුරුම හරහා දැකගත හැකිය.

නමුත්, ශ්‍රී ලංකාවේ රූපමය සෞඛ්‍ය අවවාද සහිත සිගරට්‌ ඇසුරුම් රජය මගින් ක්‍රියාත්මක කිරීමෙන් පසු සිගරට්‌ ඇසුරුම් වෙළෙඳ සල තුළ අසුරා තබන්නේ දාර කොටස පමණක්‌ පෙනෙන පරිද්දෙනි. එබැවින්, මහජනතාවට රූපමය සෞඛ්‍ය අවවාද දැකගත නොහැකි අතර වෙළෙඳසල් හිමියන් හිස්‌ සිගරට්‌ ඇසුරුම් නැවතත් දුම්කොළ සමාගම වෙතම ලබාදෙයි. 

එය මහජනතාවට හා සිගරට්‌ භාවිතා කරන්නාට නිවැරදි සෞඛ්‍ය හානිය සමාජගත වීම වැළැක්‌වීමේ අරමුණින් දුම්කොළ සමාගම විසින් සිදු කරනු ලබන සූක්‍ෂම උපක්‍රමයකි.



වැඩ වර්ජනය අසාධාරණයි

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුවට අත්සන් තබා ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයම එය ක්‍රියාත්මක කිරීමට යාමේදී වැඩ වර්ජන කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

වැඩ වර්ජනය අත්හිටුවීමට නම් ඒ සඳහා සාකච්ඡාවකට පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට අද උදෑසන 7.59 දක්වා කල් දෙන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ (30) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී හෙතම මේ බව සඳහන් කළේය.

මෙම වැඩ වර්ජනය සම්බන්ධව සැලවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගෙන් මේ සම්බන්ධව විමසා සිටි බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඒ අනුව අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැහැදිලි කළ බව ඇමැතිවරයා පැවැසීය.

එදා එස්.එම්.එස් එකක් කියවගන්න බැරි ඇමැති කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෞඛ්‍ය ඇමැති කා‍ලේ අපහාස කරපු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එතුමාට ඖෂධ පනත ගෙන එන්න බැහැ කියලත් කිව්වා. එදා රාජපක්ෂලාට ඕන විධියට වැඩ කරපු මේ සංගමය දැන් කියන්නෙ වෙන කතාවක් යැයි ඇමැතිවරයා කීවේය.

පත්වීම් ලැයිස්තුවලට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කල් තබාම අත්සන් තැබූ බවත් ඒ නිසා හෙද ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල වෘත්තීය සංගම්ද පත්වීම් ලැයිස්තුවලට අත්සන් තැබිමට බලය ඉල්ලා සිටීමට ඉඩ ඇති බවත් හෙතම පැවැසීය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, යාපනය වෛද්‍ය සංගමය ඇතුළු සංගම් හා වෛද්‍යවරුන් රැසක් පුද්ගලිකවත් මෙම පත්කිරීම් ප්‍රමාද නොකරන ලෙස ඉල්ලා ඇති බව හෙතම කියා සිටියේය. ඉන් හැඟවෙන්නේ ඔවුන් මෙම වර්ජනය සමග නැති බව යැයි හෙතම කීවේය.

මෙහිදී වෛද්‍ය නවින් ද සොයිසා අත්අඩංගුවට ගැනීමට කළුතර රෝහලට ඇමැතිවරයා ‍පොලිස් කණ්ඩායමක් යොමු කළ බවට ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අප විමසීමක් කළේය.

මේ ගොල්ලෝ වෛද්‍යවරු විධියට පෙනී සිටිමින් කරන්නෙ දේශපාලනයක්. ආණ්ඩුව කරකවන්න මෙතැනින් ආරම්භයක් ගන්න උත්සාහ කරනවා. ඔය කතා නිර්මාණය කරපු නාට්‍යයක් වගෙයි. මම කාවවත් යවලා නැහැ කවුරුවත් අත්අඩංගුවට ගන්න. ඔය හදන්නෙ ගොබෙල්ස් න්‍යායෙන් මාධ්‍යයට කතා හදලා ඒවා ජනගත කරන්න. මිනිස්සු ඕවට රැවටෙන්නෙ නැහැ යැයි සේනාරත්න මහතා පැවැසීය.


මාසයේ 31 වැනිදා දිනට දුම්රිය ‘හරස්පාර’ අවදානම් ලූ

දින 31ක් සහිත මාසවල දී දින 30කට පමණක් වැටුප් ගෙවීම, මාසික වැටුප වැඩි නොකිරීම යන කාරණා මත අද (31) සිට ඉදිරි මාසවල 31 වැනි දා සේවයෙන් ඉවත්වන බවත්, එදින දුම්රිය මාර්ගවල යම් අනතුරක් සිදු වුවහොත් ඇමැති

නිමල් සිරිපාල සිල්වා මහතා එහි වගකීම භාරගත යුතු බවත් ශ්රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු මුරකරු සංගමයේ ප්රධානලේකම් නිමල් චන්ද්රසිරි මහතා පැවසුවේය. මනම්පිටිය දුම්රිය ගේට්ටු මුරපොළ අසල දී ඊයේ (30) පැවැති මාධ් හමුවක දී ප්රධානලේකම්වරයා මේ බව කියා සිටියේය.

ප්රවාහන ඇමැතිවරයාගේ සහ නියෝජ් ඇමැතිවරයාගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687 සේවයේ නිරතව සිටින කම්කරුවන් 2061 දෙනකු දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත්  තමන්ගේ ඉල්ලීම් ක්රියාත්මක කරන තුරු 31 වැනිදායින් ගවෛන සෑම මසකම 31 වැනි දා සේවයෙන් ඉවත්වන බවත් නිමල් චන්ද්රසිරි මහතා කිවේය.

2013 ජූලි 06 වැනි දා ඉඳලා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු 687 2061 සේවක පිරිසක් වැඩ කරන්නේ රුපියල් 7500 සුළු දීමනාවකටයි. අපේ දිනක වැටුප රුපියල් 250යි. හැබැයි 31 වැනිදායින් ගවෛන මාසවල දී අපිට දීමනාව ලැබෙන්නේ දින 30කට විතරයි. මේ ලැබෙන වැටුපෙන් පවුලක් නඩත්තු කරන්න බැහැ. නිසා අපි මීට පෙර වැටුප් වැඩි කරන්න කියලා වැඩවර්ජනය කළා.

මාධ්යයෙන් අපිට ලොකු ඉඩක් දුන්නා. නිසාම ප්රවාහන නියෝජ් ඇමැති අශෝක අබේසිංහ ඇමැතිතුමා අපේ දීමනාව රුපියල් 5000කින් වැඩි කරනවා කියලා මාධ් ඉදිරියේපොරොන්දු වුණා. නමුත් ඒකට ප්රවාහන ඇමැති නිමල් සිරිපාල අනුමැතිය දෙන්නේ නැ. අපිට 31 වෙනිදාට දීමනාවක් නොලැබෙන නිසා එදාට අපි සේවයට වාර්තා කරන්නේ නැහැ

අපි ජනතාවට කියන්නෙ 31 වැනිදාට මේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවලින් ගමන් කරලා යම් ජීවිත හා දේපළ අනතුරක් වුණොත් ඒකේ වගකීම වහාම නිමල් සිරිපාල මහත්තයා භාරගත යුතුමයි. වගේම අපි ළඟම දිනක දී දුම්රිය ගේට්ටු මුරකරුවොයි, පවුල්වල දූ දරුවෝ වගේම ඥාතීන් එකතු වෙලා ප්රධාන දුම්රිය මාර්ගයක් අවහිර කරලා අපිට විසඳුමක් දෙනතුරු විරෝධය පළ කරනවා. අපිට මොන තර්ජන බාධක ආවත් මේ වැඩවර්ජන සටන අවසන් කරන්නේ අපේ ඉල්ලීම් ලැබුණොත් විතරයි. යැයි නිමල් චන්ද්රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.