පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට වඩා දරුණු අයුරින් රට තුළ ඉස්‌ලාම් ත්‍රස්‌තවාදය පැතිර යමින් ඇති බවත් ඒ පිළිබඳ වගකිවයුත්තන් කිසිවකු අවධානය යොමු නොකරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ. මෙම අනතුරට මුහුණදීම සඳහා හෙම්බත් වන වැඩිහිටියන් නොව තරුණයන්ට එක්‌වන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක් කළහ. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
දේශපාලන ධාරාව තුළ සිටින කටගාතරයෝ ටිකක් ආපසු උඩුබිරීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන් දිගට හරහට බොදුබල සේනා සංවිධානයේ අපට පහර දෙනවා. හරි හැටි කරුණු හැදැරීම තොරව අපේ අරමුණුවලට පරමාර්ථවලට ඔවුන් පහර දෙනවා.
වැටෙන රට ගොඩ ගන්න විමල් වීරවංශ මහත්තයා දරන වෑයමට අප සුබ පතනවා. නමුත් ඔහුට මහින්දානන්ද අලුත්ගමගේ, මනූෂ නානායක්‌කාර, ඩිලාන් පෙරේරා, රාජිත, මංගල, දේශපාලන විචාරකයන් ලෙස පෙනී සිටින ගෙවිඳු කුමාරතුංග, දයාන් ජයතිලක යන අය අපට කරන පහරදීම් ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඔවුන්ට අභියෝග කරනවා.
පාළු ගෙයි වළං බිඳිනවා වගේ අපි නැති තැන ඇවිත් අපට පහර දෙනවා. අප සංවිධානය කුමන්ත්‍රණයක් කරනවා කියනවා. අපේ සද්දය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බොරු කියන එක නෙමෙයි. පුළුවන් නම් අපිත් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවට එන්නැයි අභියෝග කරනවා.
බොදුබල සේනා සංවිධානය ගොඩනඟන්න අපි කිසිදු දේශපාලනඥයකුගේ උදව් ගත්තේ නැහැ. කිසිම රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ගත්තේ නැහැ. අප සතු සමාජ ප්‍රාග්ධනයයි අපිව ගෙනාවේ.
අද මේ මොහොතේදී අප රට තුළ දැඩි ලෙස මුස්‌ලිම් ත්‍රස්‌තවාදය වැපිරෙනවා. අපට දේශපාලන අරමුණක් නැහැ. නමුත් අපි රට වෙනුවෙන් ක්‍රියා කරනවා. පසුගිය අවුරුදු තුන හතර ඇතුළත මේ රටේ සිංහල තරුණ තරුණියන් මුස්‌ලිම් කරල තියෙනවා. උලමා සභාව තුළින් ගොඩනැගූ තබිලිත් නිකායේ කාර්යභාරය දිනකට අක්‌කර 10 බැගින් නගර බද ඉඩම් මිලට ගැනීමයි.
තත්ත්වය කෙසේ වුණත් මහජන නියෝජිතයන් ඒ ගැන කතා කරන්නේ නැහැ. අරාබියෙන් සුල්තාන්වරුන් දස දොළොස් දෙනෙක් ලංකාවට පැමිණෙනවා. මේ අය මොකටද මොන අරමුණකට ද එන්නේ කියලා රජය දන්නේ නැහැ. මෙම පැමිණීම ආක්‍රමණයක් නොවේද?
මුස්‌ලිම් සංවිධානවලට එන මුදල් විගණනය කරන්න රජයට අවශ්‍යතාවක් නැහැ. සිංහල නායකයෝ ඇනකොටා ගන්නවා. අපගේ උපන් නූපන් දරු පරම්පරාව වෙනුවෙන් මේ ඇනකොටා ගැනිල්ල නතර කරපල්ලා යෑයි අපි කියනවා. ජාතියේ විනාශයට මුල මේ ඇනකොටා ගැනීමයි.
සිංහලයාට සිදුවන අසාධාරණකම් ගැන අප කතා කරද්දී ඒ ගැන ඔක්‌කොම තොලකට වෙලාගෙන බලා ඉන්නවා. අනෙක් පැත්තෙන් මුස්‌ලිම් ත්‍රස්‌තවාදය පැතිරෙද්දි මේ අය කිසි කතාවක් නැහැ.
පසුගිය දස අවුරුද්ද තුළ අපගේ කාන්තාවන් අටලක්‍ෂ අනූදහසක් වඳභාවයට පත්කර තිබෙනවා. මේ ගැන කතා කිරීම කුමන්ත්‍රණද? ඇත්තටම අපට මේක තේරෙන්නෙ නැහැ. ඌරු හමට තලනවා වගේ අපට හොඳටම තලනවා. හැබැයි උඹලා තලාපල්ලා. මේ රටේ තරුණයන්ට අපි කියන්නේ මේ රටට එරෙහිව ඇති එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට එහා ගිය ඉස්‌ලාම් ත්‍රස්‌තවාදයට මුහුණ දෙන්න එකතුවෙයල්ලා කියලයි.
රටට එරෙහි තත්ත්වයන් පෙන්වූ අපි වැරදිකරුවන් වෙලා. මුස්‌ලිම් අන්තවාදීන් පූස් පැටව් වෙලා. අපි කිසිදා බොරුවක් අසත්‍යයක් සමාජය හමුවේ කතා කර නැහැ. අපි කතා කරන්නේ රට ජාතිය සහ ආගම හමුවේ ඇති අන්තරාවයි. ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට මේ සේරම අපට එරෙහිව පහර දෙනවා.
අද විල්පත්තුව කපනවා. සෝමාවතිය අක්‌කර දෙදහසක් එළි කරනවා. මේ පෙන්වන එක සී. අයි. ඒ. කුමන්ත්‍රණද?
මෙහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ඥනසාර හිමියෝ මෙසේ ද කීහ.
ප්‍රශ්නය - බොදුබල සේනා සංවිධානය ආරම්භ කළ අවධියේ තිබූ ජනතා සහාය අදටත් එලෙසමද?
පිළිතුර - ඕන සංවිධානයක් එක් එක් අවස්‌ථාවන්හිදී යම් යම් උච්චාවචනයන්ට ලක්‌වෙනවා. අපේ සංවිධාන ශක්‌තිය එලෙසමයි. කිසිදු ගැටලුවක් නැහැ. කලට වෙලාවට වැඩ ටික කෙරේවි.
මේ අතර බොදුබල සේනා සංවිධානයට එරෙහිව අසත්‍ය ප්‍රචාර හා චෝදනා කරන්නේ යෑයි කියන වත්මන් රජයේ ඇමැතිවරුන් සිවුදෙනකුට, විපක්‍ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ දේශපාලන විචාරකයන් දෙදෙනකු ඇතුළු අටදෙනකුට සිය සංවිධානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි එම සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ අභියෝග කළහ.
මෙසේ අභියෝගය එල්ල කළේ මංගල සමරවීර, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, මනූෂ නානායක්‌කර යන ඇමැතිවරුන්ටත්, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන්ට සහ ගෙවිඳු කුමාරතුංග, දයාන් ජයතිලක යන දේශපාලන විචාරකයන්ටය.
සිය සංශෝධනය කිසියම් හෝ කුමන්ත්‍රණයක් කර ඇත්නම් එය රටට පෙන්වන ලෙස අභියෝග කළ උන්වහන්සේ පාළු ගෙයි වළං නොබිඳින ලෙස එම පිරිසට දන්වා සිටින බවත් පැවසූහ. මුහුණට මුහුණ සාකච්ඡාවකදී මුණගැසෙන්නේ නම් රටට සැබෑ කරුණු අවබෝධ වනු ඇතැයි කී උන්වහන්සේ බොදු බලයට චෝදනා කරන්නන්ට මුස්‌ලිම් අන්තවාදීන්ගෙන් මුදල් ලැබෙනවාදැයි යන සාධාරණ සැකයක් මතුවන බවත් කීහ.
No comments:
Post a Comment