අරණායක, එළගපිටිය ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ දහවල් එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. නාය යාම සිදුවූ සාමසර කන්ද ප‍්‍රදේශය වෙත
ගිය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. අනතුරුව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නාය යාමෙන් විනාශයට පත් සිරිපුර, පල්ලේබාගේ ප‍්‍රදේශවල ද සංචාරය කරමින් නාය යාමෙන් සිදුවූ හානිය නිරික්ෂණය කළ අතර අවතැන් වූ ජනතාව රඳවා සිටින අරණායක දික්පිටිය රාජගිරිය විද්‍යාලය වෙත සහ හත්ගම්පළ විද්‍යාලය වෙත ද ගොස් එම ජනතාවගේ අඩු පාඩු විමසා බැලීය.
No comments:
Post a Comment