Friday, 6 May 2016

හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

චාවකච්චේරි පුපුරන ද්‍රව්‍ය සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ බව කියන ප්‍රකාශ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන්
ගුණසේකර මහතාගෙන් ඊයේ (06 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මෙහිදී හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ තමා ප්‍රකාශ නොකළ කරුණු මාධ්‍ය මගින් පළකර ඇති බවයි.
චාවකච්ෙච්රි බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශයකින් පසු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා එම තනතුරින් ඉවත් කර පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ද තාවකාලිකව අත්හිටුවනු ලැබීය.



No comments:

Post a Comment