Monday, 16 May 2016

සපත්තු ගලවලා හරි අද පාර්ලිමේන්තු එන්න

අයහපත් කාලගුණ තත්වය පැවතිය ද කෙසේ හෝ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පවත්වාගෙන යන බැවින් අද (17) පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. පාර්ලිමේන්තුව සඳහා දිනකට ලක්ෂ 5ක පමණ මුදලක්
වැයවන බැවින් පාර්ලිමේන්තුව රැස්නොවුණහොත් එම මුදල් අපතේ යන බව ද කථානායකවරයා කීවේය. එබැවින් කෙසේ හෝ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට තමන් හැකි උපරිම උත්සාහ දරන බව ද කථානායකවරයා සඳහන් කළේය.
මහජන නියෝජිතයො ජනතාව වෙනුවෙන් වැඩ කරනකොට දවසක් තෙමුනට කමක් නෑ. සපත්තු දෙක ගලවලා හරි එන්න පුළුවන්. ලක්ෂ 5ක් වියදම් වෙනවා එක දවසකට. අපි රැස් වුණේ නැත්නම් සල්ලි අපරාදේ. වැදගත් පනත් කෙටුම්පත් ටිකක් තියෙනවා සම්මත කරගන්න යැයි ද කරු ජයසූරිය මහතා කීවේය.
අයහපත් කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආරක්ෂක අංශ සූදානමින් සිටින බව ද වාර්තා වේ. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර වරාය හා ගුවන් තොටු‍පොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා වන විවාදයක් පැවැත්වේ.

No comments:

Post a Comment