පක්ෂ නායකත්වය ප්‍රමුඛ පක්ෂයට එරෙහිව කටයුතුකරන පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහා විනය ක්‍රියාමාර්ග ගන්නැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පිරිසක් එම සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගෙන්
ඉල්ලීමක් කර ඇත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයින් ඇතුළු නියෝජිතයින් මාධ්‍ය හමු කැඳවමින් පක්ෂ නායකත්වය, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතුළු පක්ෂය විවේචනය කරමින් කටයුතු කරන අතර එම මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගතයුතු බවට මෙම මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ක්‍රියාකලාපය අවතක්සේරුවට ලක් කරමින් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊපීආර්එල්එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සිදුකළ ප්‍රකාශයක් හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පිරිසක් පසුගිය කාලයේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ තවත් නියෝජිතයින් පිරිසක් මෙසේ ආර්. සම්බන්ධන් මහතා හමුවී ඉල්ලීම් කර ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය කිසිදු පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටි බව දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment