සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයට පත් කිරීම පිළිබඳව තමන් කණගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දීම සදහා ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් කැදවා තිබුණු
අතර එහිදී ඔහු කියා සිටියේ මාව පත්කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බවත්ය.
මේ අතර පැනමා පේපර්ස් සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු යෑයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.
අපි එදා පැනමා පේපර්ස්‌වලට සම්බන්ධ අය ගැන විශාල හඬක් නැගුවා. මුදල් අමාත්‍යාංශ තොරතුරු අනුව විදේශීය රටවලට මුදල් යෑවීම නීත්‍යානුකූල නැහැ. එවැනි විශාල කන්දරාවක් විදේශ රටවල හොරෙන් හංගලා. පැනමා පේපර්ස්‌වල ශ්‍රී ලාංකිකයන්ගේ උඩින්ම නම් තුනක් තිබෙනවා. දෙවැනියාට ඉන්නේ ඇවන්ඩ්ගාඩ් සභාපති. ඔහු දූෂිත පුද්ගලයෙක් බවට පසුගිය කාලයේ අපි කිව්වා.
No comments:
Post a Comment