Thursday, 12 May 2016

මහින්ද එදා කපපු ඇලක් යහපාලකයන් පස් දමා වහයි

2010 දී කොළඹට ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව ඇතුළු බොහෝ ස්ථාන වලට ගං වතුර තත්ත්වයක් ඇති විය. ඉන් පාර්ලිමේන්තුවට පමණක් සිදුවූ හානිය මිලියන 200ක් පමණ විය. මම තත්ත්වය නැවත ඇතිවීම
වැලැක් වීම සදහා රාජගිරිය ප්‍රදේශයේ සිට මාදින්නාගොඩ දක්වා දියවන්නා ඔයට සමාන්තරව දිවෙන ඇල මාර්ගයක් සාදන ලදී. මෙම ඇල මර්ගය සෑදීමෙන් පසු කිසිදු අවස්ථාවක එම ප්‍රදේශ වලට ගං වතුර තත්ත්වයක් ඇති නොවූ බව කවුරුත් දන්නා කරුණකී
එහෙත් පසුගිය දින කිහිපය තිස්සේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාදින්නාගොඩ ප්‍රදේශයෙන් ( මාදින්නාගොඩ පාලම අසල ) මෙම ඇල හරස් කර පස් පුරවා ඇති ආකාරය දැකගත හැකි විය. මෙය මහත් විනාශයක් බව අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියට ඊමේල් මාර්ගය ඔස්සේ ලිපියක් යොමු කරමින් නම කීමට අකමැති පුද්ගලයෙකු කියා සිටී.
මේ අතර මාදින්නාගොඩ පාලම ( රාජලිරියේ සිට 1Km) අසලට පමැණීමෙන් ඔබටම මෙම විනාශය දැක බලා ගත හැකි බවත් ඔහු කියා සිටී. චායාරූප කිහිපයක් සහ ගමන් මාර්ගය පහතින් දැක්වේ.




No comments:

Post a Comment