අගමැතිතුමාට වාහන නෑ - මහින්ද ඔක්කොම අරන් ගිහින්
අතිරේක මුදල් ප්‍රමාණයක් ඉල්ලා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව මගින් අගමැතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රභූ රථ මිලදී ගැනීම සදහා ලක්ෂ 6000ක මුදලක් ඉල්ලා තිබෙනවා. එක් අමත්‍යංශයක ගොඩනැගිල්ලක්
අලුත්වැඩියා කිරීම සදහා ලක්ෂ 600ක මුදලක් ඉල්ලා තිබෙනවා. එක් අමාත්‍යවරයෙකුගේ නිවාස අලුත් වැඩියාව සදහා ලක්ෂ 42කක මුදලක් ඉල්ලා තිබෙනවා. රටේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය මත එය කිසිසේත්ම මේ පාර්ලිමේන්තුව අනුමත නොකළ යුතු ඇස්තමේන්තුවක් ලෙස අපි සලකනවා යැයි ජවිපේ නායක අනුරකුමාර දිසානායක මහතා ඊයේ ( 06) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මීට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කලේ අපේ අගමැතිවරයාට වාහන නැහැ. හිටපු ජනාධිපතිවරයා ඒවා ඔක්කොම අරන් ගිහිල්ලා අගමැතිවරයා දැන් භාවිතා කරන්නේ අබලන් වාහන කියා.
No comments:
Post a Comment