Thursday, 2 June 2016

මරණය සැකයි - ත්‍රිරෝද රියදුරා දෙවසරකට පසු ගොඩට

ත්‍රිරෝද රථයක් වලකට පෙරළිමෙන් මීට වසර දෙකකට පෙර මියගිය බැව් කියන හබරාදුව, හප්පාවන ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකුගේ මරණය පිළිබදව ඔහුගේ ඥාතීන් විසින් සැක පහල කිරීම හේතුවෙන් මියගිය අයගේ මළසිරුර ඊයේ (02)

ගාල්ල අතිරේක මහේත්‍රාත් කේසර සමරදිවාකර මහතාගේ නියෝග මත ගොඩගනු ලැබුනි. 2014 වර්ෂයේ මැයි මස 31 වැනි දින අහංගම පොලිස් වසමේ වතවන, හල්ගස්මුල්ල බෝක්කුවට මෙම තරුණයා ඇතුලු තිදෙනෙකු ගමන්ගත් ත්‍රිරෝද රථය  පෙරලීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට හදිසි මරණ පරීක්ෂණයෙදී අණාවරණය වී  තිබුනි.

සිද්ධියෙන් මියගොස් තිබුනේ ටී.ජී.කේ. රොෂාන් තුෂාර (29) නැමති බස්රථ රියැදුරෙකි. තිදරු පියෙකු වන රොෂාන් තුෂාර හබරාදුව පොලිස් වසමේ හප්පාවන පදිංචි කරුවෙකි. මොහු සහ තවත් මිතුරන් තිදෙනෙකු සමග ත්‍රිරෝද රථයකින් මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටියදී  ත්‍රිරෝද රථය හල්ගස්මුල්ල  ප්‍රෙද්ශයේ වලකට පෙරලීමෙන් මෙම මරණය සිදුව ඇතැයි  පැවසිනි.

කෙසේ වෙතත් මෙම මරණය අනතුරකින් සිදු වූවක් නොව මනුශ්‍ය ඝාතනයක් බවට තමන් සැකකරන බවට මරණ කරුගේ ඥාතීන් විසින් පැවසීම හේතුවෙන්  හබරාදුව පොලිස් වසමේ හප්පාවන  ප්‍රදේශයේ මිහිදන් කරතිබූ මෙම මළසිරුර  ගාල්ල අතිරේක මහේත්‍රාත් වරයා හමුවේ නැවත ගොඩගනු ලැබුනි.

ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණි නිසංසලා කාවින්දි මහත්මිය මෙන්ම ගාල්ල පොලිස් කොට්ඨාස අපරාධ පර්යේශණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් ප්‍රියන්ත ඇතුලු නිළධාරීන්ද  මෙම මළසිරුර ගොඩගැනීමේ දී පරීක්ෂණ කටයුතු වලට සහභාගී වී සිටියහ.

මළසිරුර ගොඩගැනීමෙන් පසුව මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයවෙග යොමුකරන ලෙසද ගාල්ල අතිරේක මහේත්‍රාත් වරයා විසින්  අහංගම පොලීසිය වෙත නියෝග කරනු ලැබුනි. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment