සිගරට්
සඳහා වන එකතු කළ අගය මත අය කෙරෙන (වැට්) බද්ද උපරිම මට්ටමට ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා ඊයේ අැමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙයට අමතර දුම්කොළ සමාගමට
කිසිදු සහනයක්
ලබා
නොදෙන ලෙසත් දුම්කොළ ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු පියවරක් නොගන්නා ලෙසත් ජනාධිපතිවරයා
මුදල් ඇමැතිවරයාට දන්වා සිටියේය.
මේ
අතර ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෝක දුම්කොළ
විරෝධී දින සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වසරක් තුළදී දුම්පානය කිරීම නිසා මෙරටේ පුද්ගලයන්
25,000ක් මිය යන්නේ යැයිද දිනකට රුපියල් කෝටි 50කට වැඩි මුදලක් මෙරට වැසියන් විසින්
දුම්කොළ හා මත්පැන් සඳහා වැය කරන්නේ යැයිද කීවේය.
No comments:
Post a Comment