පොලිස්
මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්සීඅයිඩී එක සිදුකරන්නේ වැරදි කරන්න උපදෙස් දුන් අය
නිදහසේ සිටියදී වැරදි කළ බවට චෝදනා කරමින් රාජ්‍ය නිලධාරීන් පසුපස හඹා යැම යෑයි වාරිමාර්ග
සහ ජල සම්පත් කළමනාකරණ
ඇමැති
විජිත් විජයමුණි සොයිසා මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
මූලස්ථානයේ ඊයේ (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ
ඇමැතිවරයා මෙසේද කීවේය.
එෆ්සීඅයිඩී
එකේ කටයුතුත් හරියට මහයියාවේ බෝක්කුව වගෙයි. ඒ බෝක්කුවටත් ඇතුළුවන අපද්‍රව්‍ය අනික්
පැත්තෙන් පිටවෙනවා. එෆ්සීඅයිඩී එකටත් නොයෙකුත් චෝදනා එල්ලවූ විවිධ තරාතිරමේ පුද්ගලයන්
ඇතුළුවෙනවා දකිනවා. පිටවෙනවා දකිනවා. ඉන් එහාට දෙයක් ඉන් සිදුවන්නේ නැහැ.
රජයේ
නිලධාරියකුට යම් වගකීමක් පවරා එය වැරදි ආකාරයට කරන්න කියා යම් පුද්ගලයකු උපදෙස් දී
තිබෙනවා නම් එම වැරදි උපදෙස් දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එෆ්සීඅයිඩී එක ක්‍රියා
කළ යුතුයි.
No comments:
Post a Comment