Thursday, 2 June 2016

කෑවොත් ඉවරයි - පාම් ඔයිල් කන්ටේනර් 24ක් අල්ලයි

මිනිස් පරිභෝජනයට සුදුසු මේද සීමාව ඉක්මවූ පිළිකාකාරක සහිත පාම් ඔයිල් ආහාර නිෂ්පාදනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ගෙන්වන ජාවාරමක් හෙළි කරගත් රේගුව පාම් ඔයිල් කිලෝග්‍රෑම් ලක්ෂ පහක් පමණ අඩංගු කන්ටේනර් 24ක්

රේගු භාරයට ගෙන ඇත. 2012 වර්ෂයේ සිට මේ දක්වා කන්ටේනර් 850කින් පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 17,000ක් මෙලෙස මැ‍ලේසියාවේ සිට මෙරටට ගෙන්වා ඇතැයි මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ජාවාරම්කරුවන් මේ වසරේ ගත වූ මාස පහ තුළ පමණක් පාම් ඔයිල් කිලෝ ග්‍රෑම් තිස් එක්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇතැයි මූලික රේගු විමර්ශවල දී අනාවරණය වී ඇත. මෙම සියලුම පාම් ඔයිල් තොග වශයෙන් වෙළෙඳ‍පොළට එක් කරන ජාවාරම්කරුවන් ඒවා ජුව සහ වක්‍රව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවි කරයි.
රේගු නීතිරීති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ජාවාරම හේතුවෙන් රජයට රුපියල් බිලියන දෙකකට අධික ආදායමක් මේ වන විට අහිමි වී ඇතැයි මූලික රේගු විමර්ශනවලින් හෙළි වී තිබේ.

පිරිපහදු කළ පාම් ඔයිල් (RBD Palm Oil) සහ පිරිපහදු නොකළ පාම් ඔයිල් යනුවෙන් (Crade palm Oil) යනුවෙන් මැ‍ලේසියාවේ සිට පාම් ඔයිල් මෙරටට ආනයනය කෙරේ.

පිරිපහදු කළ පාම් ඔයිල්වල අඩංගු විය යුතු උපරිම නිදහස් මේද අම්ල ප්‍රමාණය සියයට 0.1ක් විය යුතු අතර පිරිපහදු නොකළ පාම් ඔයිල්වල අඩංගු නිදහස් මේද අම්ල ප්‍රමාණය සියයට 5ක් විය යුතුය. පිරිපහදු නොකළ පාම් ඔයිල් ආනයනය කිරීමේදී රේගු පරීක්ෂාවට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් වර්ගීකරණයට ලක්වේ.

එහෙත් ජාවාරම්කරුවන් ඛිපචඤඥ චතථ ජ්චබබර චජඪඤ යන නම භාවිත කරමින් මෙම පාම් ඔයිල් ගෙන්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වර්ගීකරණයෙන් සහ රේගු පරීක්ෂණවලින් ජාවාරම්කරුවන් රිංගා ගොස් ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙම පාම් ඔයිල්වල නිදහස් මේද අම්ල ප්‍රතිශතය පරීක්ෂාවට ලක් නොකරන අතර ඔවුන් 16.5 සිට 25 දක්වා ප්‍රතිශතයකින් යුත් පාම් ඔයිල් ආනයනය කොට වෙළෙඳ‍පොළට නිකුත් කර තිබේ. තොග වශයෙන් එළවළු තෙල් ලෙස හා ‍පොල්තෙල් සමග මිශ්‍ර කරමින් මෙම ජාවාරම සිදුකරන ජාවාරම්කරුවන් ඔවුන්ගේ පහසුව සඳහා විශේෂඥ දැනුමද උපයෝගි කර ගනිමින් නීතිරීතිවලින් රිංගා ගොස් ඇති බවද හෙළි වී ඇත.

පිරිපහදු කළ පාම් ඔයිල් මෙරටට ගෙන්වීමේදී කිලෝවක් සඳහා රුපියල් 130ක පමණ රේගු බද්ද ගෙවීමට සිදුවේ. එසේ වුවද ව්‍යාජ ලෙස වෙනස් නමකින් මෙම පාම් ඔයිල් ගෙන්වීම හේතුවෙන් කිලෝවක් සඳහා ඔවුන් බදු වශයෙන් ගෙවා ඇත්තේ රුපියල් 40ක පමණ ඉතා අඩු බදු මුදලකි. රජයේ අපේක්ෂිත බදු අහිමිවීමට එය හේතුවක් වී තිබේ.

තොග වශයෙන් අලෙවි කරන මෙම පාම් ඔයිල් වැඩි වශයෙන් මෙරට සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා බැවින් ඔවුන් වැඩි වශයෙන් පිළිකා සහ හෘද රෝග වැලඳීමේ අවදානමක් පවතියි. ක්ෂණික ආහාර වර්ග සහ කෙටිකෑම නිෂ්පාදනය සඳහාත් ආපන ශාලා සඳහාත් මෙම පාම් ඔයිල් ගෙන්වා ව්‍යාජව සකස් කරන එළවළු තෙල් වැඩි වශයෙන් යොදා ගන්නා බවද හෙළි වී ඇත.

පාම් ඔයිල් කන්ටේනර් 30කට අසන්න සංඛ්‍යාවක් එක් මාසයකට මෙරටට ගෙන්වන බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රේගු ජාත්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මකය.

No comments:

Post a Comment