වැට්
බදු ඉහළ දැමීම නිසා මුදල් ගෙවා බේරා නොගත් සුඛෝපභෝගි සහ අර්ධ සුඛෝපභෝගි වාහන 400ක්
පමණ හම්බන්තොට වරායේ ගොඩගැසී තිබේ. මේ වනතුරුත් ඒවා බේරා ගැනීමට හිමිකරුවන් පැමිණ නැතැයි
පැවැසේ. බදු වැඩි
කිරීම
බලපාන්නේ සුඛෝපභෝගි මෝටර් රථවලට බැවින් ඒවාට සහන ලබා දිය නොහැකි යැයි මුදල් අමාත්‍ය
රවි කරුණානායක මහතා ඒ ගැන පැවැසීය. බදු වැඩි වීම එන්ජින් ධාරිතාව සී.සී. 1500ට අඩු
වාහනවලට බලනොපාන බවද ඔහු කීවේය.
මේ
අතර වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්ච්චිගේ මහතා පැවැසුවේ එන්ජින් ධාරිතාව
පදනම් කරගෙන වාහනවලට බදු ගැසීම අසාධාරණ බවයි. පරණ සහ අලුත් යන කිසිදු වාහනයකට බදු වෙනස්
නොවිය යුතු බවද හෙතෙම කීවේය. යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වන වාහනවලටද එම බද්දම ගසන
බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
No comments:
Post a Comment