ජනපිය්‍ර
නිළියක වන නදීශා හේමමාලි ගැන පසුගිය දවස්වල සමාජ වේබ් අඩවිවල වැඩි වැඩියෙන්ම කතා බහට
ලක්වුණා. ඒ ඇයගේ පෙම්වතා ගැන හෙළිදරව් වීමත්
ඇය
පෙම්වතා සමග ගත් ඡායාරූප පෙළෙක් සමාජ වෙබ් අඩවිවල පළවීමත් නිසා. දැන් ලැබෙන අලුත්ම
ආරංචිය තමයි ඇයගේ පුද්ගලික ඡායාරූප සමාජ වෙබ් අඩවිවල ප්‍රසිද්ධියේ ප්‍රචාරය වීම සම්බන්ධව
ඇය නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවයි.
නදීශා
හේමමාලි ඒ පිළිබදව අප සමග මෙසේ කියා සිටියා. කාගේවත් පෞද්ගලික ඡායාරූප අපහාස වෙන විදිහට
පාවිච්චි කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මම ඒ වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර
ගන්නවා.
ඒ වගේම කියන්න ඕන හිගන වෙබ් අඩවි ඒ අයගේ හිට්ස් වැඩි කරගන්න කරන වැඩ ඔය. සමහර
විට ප්‍රෙක්ෂකයෝ විදිහට ඒ අයම කමෙන්ට්ස් දාගන්නවා ඇති. ඒක මගේ චරිතයට විශාල හානියක්.
ඒ නිසා මම නීතිමය පියවර ගන්නවා.
මේ
අතර නදීශාගේ පෙම්වතා ගැන මුල් වතාවට හෙළිදරව් වුණේ ශ්‍රී fm වැඩසටහන් කළමනාකාරිනී භාෂිනී
සමරසිංහගේ උපන්දිනය දවසේය. ඒ ඇයගේ උපන් දින උත්සවයට නදීශා සිය පෙම්වතා සමග පැමිණීමත්
සමග.
මේ
සිද්ධියෙන් ශ්‍රී එෆ් එකේ භාෂීනී සමරසිංහත් අපහසුතාවයට පත් වුණා. ඇය අප ගොසිප් සී ලංකා
වෙබ් අඩවිය අමතා තොරතුරු රැසක් හෙළි කර අතර. එම උපන්දින උත්සවයේදී ගත් ඡායාරූප පෙළද
අප වෙබ් අඩවියේ පළ කරන ලෙසද ඉල්ලා සිටියා. ඊට ආදළ පුවත බලන්න මෙතන ක්ලික් කරන්න.
සිද්ධිය
කෙසේ වෙතත් ඇය සිය පෙම්වතා ගැන මෙසේ කියා සිටියා. බතීෂව මට මුන ගැහෙන්නේ අහම්බෙන්.
ඒක හරිම සුන්දර කතාවක්. එත් ඒ කතාව කියන්න කාලය වැඩියි කියලා හිතෙනවා. පවුලක වගකීම්
ගන්න, පවුල් ජීවිතය විදින්න මමත් ආසයි. ඒ දේට මාව තේරුම් ගන්න මට ඕන ආදරේ දෙන්න පුළුවන්
කෙනෙක් මට මුණ ගැහුණා.
මම ඒ ආදරේට ආදරය කරන නිසා ප්‍රසිද්ධියේ ආදරය කරනවා. විවාහයත්
ඉක්මනට සිදු වෙයි. තවම කාලය තීරණය කරලා නැහැ. එයා මම රගපානවා කියලා දන්නවා. නමුත් මම
රගපෑ චරිත එයා බලලා නැහැ. එයා විවාහකයෙක් නෙමෙයි. පැතිරෙන කටකතා බොරුවක් කියලත් නදීශා
හේමමාලි වැඩි දුරටත් කියා සිටියා.
No comments:
Post a Comment