Thursday, 2 June 2016

පන්ති ගිය සිසුවියන් තිදෙනා බෝධිය පිටුපස බියර් බීල

වැල්ලවා නාගරික බෞද්ධ මන්දිරය ඉදිරිපිට ඇති බෝධිය පිටුපසට වී සිසුවියන් තිදෙනෙකු බියර් ටින් එකක් පානය කරමින් සිටිනු දුටු අසල නිවෙසක උඩුමහලේ සිටි අයකු එම ස්ථානයට එන අයුරු දැක බියර් ටින් එක දමා පලා ගිය පුවතක්

වැල්ලවායෙන් වාර්තාවේ. වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටි උපකාරක පන්තියකට ගොස් පැමිණි මෙම සිසුවියන් තිදෙනා ජැන්ඩියට ඇද පැලද ඩෙනිම් කලිසම්වලින් සැරසී සිට ඇත.

මොවුන් පොත් බෑගද කරේ දමාගෙන වැල්ලවාය නගරයේ පිහිටි බුදු මැදුරට ගොස් ඇති අතර බුදු මැදුර පිටිපස සැකකටයුතු ලෙස සිටි බැවින් බෞද්ද මන්දිරයේ ආවතේවකරු පිළිබද පරික්ෂා කිරීම නිසා එම ස්ථානයෙන් පිටත්ව ගොස් එය ඉදිරිපිට ඇති බෝ මළුවට ගොස් තිබේ. බසුව පෑගයේ සගවාගෙන තිබූ බියර් ටින් එකක් රැගෙන තිදෙනා පානය කර ඇති අතර ආසන්නයේ නිවෙසක සිටි අයකු මෙය විමසිලිමත්ව බලාගෙන සිට ඇත.

ඔහුට පිළිබද සැක සිතී සෝදිසි කිරීමට පැමිණෙන අතරතුර මෙම තරුණියන් තිදෙනා හිස් බියර් ටින් එක බොධිය අසලට වීසිකර පලාගොස් තිබේ. මෙම පුද්ගලයා හා අවතේවකරු සිසුවියන් තිදෙනා ගිය බස් නැවැතුමට පැමිණ එම සිසුවියන් සෙව්වද සොයාගැනීමට අපොහොසත් වී තිබේ.

දුම්වැටි හා මත්ද්රව් විරෝධි දිනය යෙදී තිබූ පෙරේදා (31) දිනයේ මෙම සිදුවීම සිදුවී ඇති බවත් දැන ගන්නට ඇත.

No comments:

Post a Comment