මුදල්
ඇමැතිවරයාට එරෙහි ගේන විශ්වාසභංග යෝජනාව රාජපක්ෂ පාලනයේ කොටස්කරුවන් විසින් ගෙන ආවත්
එය සමස්ත ආණ්ඩුවටම එරෙහි විශ්වාස භංගයක් සේ සළකා ජවිපෙ ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව
පාර්ලිමේන්තු මන්ත්‍රී
විජිත
හේරත් මහතා ඊයේ (06 දා) ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ
පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී විජිත හේරත් මහතා මෙසේද කීවේය.
මෙම
යෝජනාවට ඇතුළත් කර තිබෙන ඇතැම් කරුණුවලින් මහින්ද රාජපක්ෂ පාලනය සුද්ද කරන්න උත්සාහ
කර තිබෙනවා. මේ යෝජනාවේ තිබෙන සියලුම කරුණුවලට එකඟ නොවුණත් අපි මේ විශ්වාසභංග යෝජනාවට
පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා.
මුදල් අමාත්‍යවරයාට එරෙහිව පමණක් නොව සමස්ත ආණ්ඩුවේ
ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව තමයි අපි අපේ ඡන්දය පාවිච්චි කරන්නේ. අපේ රටේ ආර්ථිකය
දිනෙන් දින බිඳවැට්ටීමට එරෙහිව තමයි අපි ඡන්දය පාවිච්චි කරන්නේ.
විශ්වාසභංගය
පරාජය වුණොත් ඇමතිවරයාට ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. ඒ කියන්නේ එය සමස්ත ආණ්ඩුවේ
පැවැත්මට විශාල බලපෑමක් සිදු වෙනවා. විශ්වාස භංගය දිනනවා හෝ පරාජය වෙනවා කියන එක පැත්තකින්
තිබ්බත්, ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙනවා කියන්නේම
ඒ ආණ්ඩුවේ කල් ක්‍රියාව වැරැදියි කියන එකයි.
අපි
කිසිම මොහොතකදී ආණ්ඩුව ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලදී නිහඬව සිටියේ නැහැ. මහ
බැංකු අධිපතිවරයා තමන්ගේ ඥාතියෙකුට භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරපු වෙලාවේ ප්‍රථම මාධ්‍ය
හමුව පවත්වලා එයට විරෝධය පළ කළේ අපේ පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයායි.
ඉන්
නොනැවතී මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ලිතව ඉල්ලීමක්
කළේ අපේ පක්ෂයයි. ඒ වගේම මේ ආණ්ඩුවේ වංචා දූෂණවලට ක්‍රියාමාර්ග ගන්නේ නැති සෑම මොහොතකම
අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා.
ඒ
වගේම මේ ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කරන වෙලාවේ, පාසල් නිල ඇඳුම් කප්පාදුවේ, ශිෂ්‍යයන්ට
ලබා දෙනවා කිව්ව මහපොළ ශිෂ්‍යාධාර නොදෙන වෙලාවේ ආණ්ඩුවට එරෙහිව සටන් කළේ ජනතා විමුක්ති
පෙරමුණයි. ගොවි ජනතාව අමුඩ ගහගෙන කොළඹට ඇවිත් උද්ඝෝෂණය කළේ අපේ ගොවි සංගමයේ නායකත්වයෙන්.