Monday, 6 June 2016

එකාබද්ද විපක්ෂ විශ්වාසභංගයට ජවිපෙ සහාය ලැබෙයි

මුදල් ඇමැතිවරයාට එරෙහි ගේන විශ්වාසභංග යෝජනාව රාජපක්‌ෂ පාලනයේ කොටස්‌කරුවන් විසින් ගෙන ආවත් එය සමස්‌ත ආණ්‌ඩුවටම එරෙහි විශ්වාස භංගයක්‌ සේ සළකා ජවිපෙ ඊට පක්‍ෂව ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී
විජිත හේරත් මහතා ඊයේ (06 දා) ප්‍රකාශ කළේය.

 බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජිත හේරත් මහතා මෙසේද කීවේය.

මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන ඇතැම් කරුණුවලින් මහින්ද රාජපක්‍ෂ පාලනය සුද්ද කරන්න උත්සාහ කර තිබෙනවා. මේ යෝජනාවේ තිබෙන සියලුම කරුණුවලට එකඟ නොවුණත් අපි මේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරනවා. 

මුදල් අමාත්‍යවරයාට එරෙහිව පමණක්‌ නොව සමස්‌ත ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව තමයි අපි අපේ ඡන්දය පාවිච්චි කරන්නේ. අපේ රටේ ආර්ථිකය දිනෙන් දින බිඳවැට්‌ටීමට එරෙහිව තමයි අපි ඡන්දය පාවිච්චි කරන්නේ.

විශ්වාසභංගය පරාජය වුණොත් ඇමතිවරයාට ඉල්ලා අස්‌වෙන්න සිදු වෙනවා. ඒ කියන්නේ එය සමස්‌ත ආණ්‌ඩුවේ පැවැත්මට විශාල බලපෑමක්‌ සිදු වෙනවා. විශ්වාස භංගය දිනනවා හෝ පරාජය වෙනවා කියන එක පැත්තකින් තිබ්බත්, ආණ්‌ඩුවේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් වෙනවා කියන්නේම ඒ ආණ්‌ඩුවේ කල් ක්‍රියාව වැරැදියි කියන එකයි.

අපි කිසිම මොහොතකදී ආණ්‌ඩුව ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලදී නිහඬව සිටියේ නැහැ. මහ බැංකු අධිපතිවරයා තමන්ගේ ඥාතියෙකුට භාණ්‌ඩාගාර බැඳුම්කර අලෙවි කරපු වෙලාවේ ප්‍රථම මාධ්‍ය හමුව පවත්වලා එයට විරෝධය පළ කළේ අපේ පක්‍ෂයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයායි.

ඉන් නොනැවතී මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ලිතව ඉල්ලීමක්‌ කළේ අපේ පක්‍ෂයයි. ඒ වගේම මේ ආණ්‌ඩුවේ වංචා දූෂණවලට ක්‍රියාමාර්ග ගන්නේ නැති සෑම මොහොතකම අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා.

ඒ වගේම මේ ආණ්‌ඩුව පොහොර සහනාධාරය කප්පාදු කරන වෙලාවේ, පාසල් නිල ඇඳුම් කප්පාදුවේ, ශිෂ්‍යයන්ට ලබා දෙනවා කිව්ව මහපොළ ශිෂ්‍යාධාර නොදෙන වෙලාවේ ආණ්‌ඩුවට එරෙහිව සටන් කළේ ජනතා විමුක්‌ති පෙරමුණයි. ගොවි ජනතාව අමුඩ ගහගෙන කොළඹට ඇවිත් උද්ඝෝෂණය කළේ අපේ ගොවි සංගමයේ නායකත්වයෙන්.

රාජ්‍ය සේවකයන්ට රු. 10,000 ක වැටුප් වැඩිවීම ලබා ගත්තේ අපේ වෘත්තීය සමිති පෝස්‌ටර් ගහලා උද්ඝෝෂණය කරලා. ඒ වගේම මේ ආණ්‌ඩුව ජනතාව බදු බරක, ණය උගුලක හිර කරන වෙලාවේ පාරට බැස්‌සා. ඒ නිසා මේ සියලු අරගලවලදී සටන් කළේත්, ජනතා විමුක්‌ති පෙරමුණයි. ඒ වගේම ඉදිරියේදීත් ආණ්‌ඩුව ගන්නා ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි සටන් කරනවා.

අගමැති රනිල් කොස්ගම ගිහින් දිනේෂ්ගේ ගෙදරත් යයි

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම නිසා ඇති ව තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) සවස නිරීක්ෂණ සංචාරයක නිරත විය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම

සිදුවීමත් සමඟ ආපදාව පත් වූ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීමට ද අදාළව සියලුම රාජ්‍ය නිලධාරීන් කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වීය. පහත්ගම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම ජනතාවට අදාළ පහසුකම් සම්පාදනය කිරීම, අවදානම් කලාපය හැරෙන්නට සෙසු ප්‍රදේශවල ජනතාවට යළි සාමාන්‍ය ජන ජීවීතයට පිවිසීමට අදාළ කටයුතු සලසා දීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේය. 

අදාළ කාර්යයන් සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලූ අතර අවට පිපිරුම් සිදු වූ ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසට ද ගොස් ඔහු සමග සුහද පිළිසඳරක යෙදුණේය.

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමත් සමග සිදු වූ හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීම සඳහා පහත්ගම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවට එක්ව සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ද සිය මෝටර් රථයට නංවාගෙන ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් ඇත.

එහි දී අග්‍රාමාත්‍යවරයා විනාඩි දහයක පමණ කාලයක් දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේ සුහද කතාබහක නිරත වී තිබේ. එම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු සහ අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියහ.

Cleaning after Gosgama explosion












ගෝඨාභය රාජපක්‍ෂ අවි ගබඩාව පිපිරීම ගැන කතා කරයි

කොස්ගම පිහිටි හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්ෂක ලේකම්

ගෝඨාභය රාජපක් මහතා පැවසීය. මෙවන් වැදගත් ස්ථානයක්නිසි ලෙස ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුව ඇතැයි හෙතෙම පැවසීය.

කොස්ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක් මහතා මෙසේ පැවසීය.

චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්තිබුණා. මම ආරක්ෂක ලේකම් වූ පසු එම ස්ථානය ඊට නුසුදුසු අනාරක්ෂිත එකක්බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ් කොටසක්දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. වගේම කොස්ගම අවි ගබඩාවේ ආරක්ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස්දුන්නා.

යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 පමණ උණ් මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්ඩවලින් විශාල ප්රමාණයක්වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා

එතැනත් ජනාකීර්ණ ප්රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක්අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්වැව ප්රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්‌. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ් බලය අහිමිව ගියා.

ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා

කොස්ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 උණ් තොගය මම ආරක්ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.