Sunday, 5 June 2016

බබා ලැබුණට පස්සෙත් රගපානවා - ලෝචනා මාධ්‍යට කියයි

මගේ ජීවිතේ පළමු අත්දැකීම තමා මම මේ කාලෙ ලබන්නේ. ඉතිං ආසයි. මොකද මම දන්නෙ නෑනෙ කොහොමද ඔය බබෙක් ලැබෙන්න ඉන්නකොට දැනෙන

දේ කොයි වගේද කියලා. පුදුම කුතුහලයකින් ඉන්නේ මම. ඉවසිල්ලක් නැති තරම් ආසාවෙන්. මොකද එයාලගේ පවුලේ පිරිමි අය තමා වැඩි. නමුත් අපේ පවුල ගත්තොත් ගැහැනු ළමයි වැඩියි. ඒත් අපිට දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් අපිට එකයි. මොකද ඒ අපේ බබානේ. අපිට ලැබෙන දරුවා බාරගන්න ආසාවෙන් බලන් ඉන්නවා.

බබා ලැබෙද්දි මහත්තයා ලංකාවට එනවද? ඔව්. එයා මම එද්දි ලංකාවට ආවා. මාස දෙකක් විතර මාත් එක්ක ඉදලා ගියා. බබා ලැබෙන්න කිට්ටු වෙද්දි ආය එනවා.

බබා ලැබුණට පස්සෙ ලෝචනා විදෙස් ගත වෙනවද? එහෙම තමා හිතන් ඉන්නේ. බබාටත් වීසා ලබා ගන්නත් එක්ක ගිහින් එන්න තමා අදහස.

බබා ලැබුණට පස්සේ ආයේ රගපානවද? ඔව්. මොකද මම විදෙස් ගත වුණත් ඒ දේවල් අත්හැරියේ නැහැ. මම ලංකාවට ආපු අවස්ථාවල ඒ ලැබුන නිර්මාණවලට දායක වුණා. මේ සැරෙත් මම ලංකාවට ඇවිත් නිර්මාණ කිහිපයක් කළා.

මේ දවස්වල බබා ලැබෙන්න ඉන්න නිසා පොඩ්ඩක් නතර කරලා තියෙනවා. මොකද අපිට වුණත් කලාවෙන් ඈත්වෙලා ඉන්න බැහැ. මට මගේ මවුපියන්, ආච්චි නංගිලා මේ හැමෝම උදව් කරනවා. ඉතිං රගපෑමෙන්, නිවේදන කටයුතු වලින් ඈත් වෙන්නේ නැහැ. ඒ දේවල් මම ඉදිරියටත් කරනවා.



No comments:

Post a Comment