කොස්ගම,
සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම නිසා ඇති ව තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) සවස නිරීක්ෂණ සංචාරයක නිරත විය. එහිදී අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා මෙම
සිදුවීමත්
සමඟ ආපදාව පත් වූ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීමට ද අදාළව සියලුම රාජ්‍ය නිලධාරීන්
කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වීය. පහත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී
අග්‍රාමාත්‍යවරයා මෙම ජනතාවට අදාළ පහසුකම් සම්පාදනය කිරීම, අවදානම් කලාපය හැරෙන්නට
සෙසු ප්‍රදේශවල ජනතාවට යළි සාමාන්‍ය ජන ජීවීතයට පිවිසීමට අදාළ කටයුතු සලසා දීම සම්බන්ධයෙන්
උපදෙස් ලබා දුන්නේය.
අදාළ කාර්යයන් සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලූ අතර අවට පිපිරුම්
සිදු වූ ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ
(06) ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසට ද ගොස් ඔහු සමග සුහද පිළිසඳරක
යෙදුණේය.
සාලාව
යුද හමුදා කඳවුරේ පිපිරීමත් සමග සිදු වූ හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් විසඳුම්
ලබාදීම සඳහා පහත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවට එක්ව සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ද සිය මෝටර් රථයට
නංවාගෙන ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් ඇත.
No comments:
Post a Comment