සියලුම
මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් රජය විසින් අවලංගු කරනු ලැබ ඇත. මුදල් ඇමැති රවි කරුණානායක
මහතාට විරුද්ධව අනිද්දා (8දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාසභංග
යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී
යෝජනාවට
විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ ඇති බැවින් මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් මෙසේ අවලංගු
කර ඇත. ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් 8දා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම
සහභාගි වී පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතු බවටද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය
මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත.
මේ සතියේ විදේශ ගතවීමට නියමිතව සිටි මැති ඇමැතිවරුන්
කිහිප දෙනකුටම එම ගමන් නතර කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පෞද්ගලිකව දැනුම් දී
ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජිනීවා හි පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි
105 වැනි සමුළුවට සහභාගි වීමට ඊයේ (5දා) දිවයිනෙන් පිටත්ව යෑමට සිටි කම්කරු හා වෘත්තීය
සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයාටද 8දා පාර්ලිමේන්තු රැස්වීමට
සහභාගි වීමට අනිවාර්යය කිරීම නිසා එම ගමන අවලංගු කර ඇත.
No comments:
Post a Comment